ශ්‍රී ලංකාව 1996 ලෝක කුසලානය දිනා අදට වසර 28යි

ශ්‍රී ලංකාව 1996 ලෝක කුසලානය දිනා අදට වසර 28යි

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට මාර්තු 17 වනදා අමතක නොවන දවසක්.

ඒ ප්‍රථමවරට ශ්‍රී ලංකාව 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කළේ අද (17) වගේ දිනක වීමයි.

කෙසේ වෙතත් 1996 වර්ෂයේ ලෝක කුසලානය දින ගැනීමෙන් අනතුරුව මෙතෙක් ශ්‍රී ලංකාව තවත් ලෝක කුසලානයක් දිනා ගැනීමට සමත් වූයේ නැහැ.

මේ ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය ක්‍රීඩා කළේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායමයි.

එම තරගයෙන් ලෝක කුසලානයේ අවසන් මහ තරගයේ තම ස්ථානය වෙන් කරගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

අනෙක් අවසන් පූර්ව තරගය පැවැත්වුණේ බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගයි.

ඕස්ට්‍රේලියාව ලකුණු 5 කින් බටහිර ඉන්දීය කොදෙව් පිළ පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාකර ගත්තා.

එහිදී අවසන් මහා තරහයෙන් ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වුණේ ලංකික ප්‍රේක්ෂකයින් උන්මාදයට පත් කරමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම 2007 සහ 2011 වසරවල පැවති ලෝක කුසලානවලදී අවසන් මහ තරගයට ක්‍රීඩා කර ඇති අතර එම තරග දෙකම පරාජයට පත් වීමට සිදු වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ එකම බලාපොරොත්තුව තවත් ලෝක කුසලානයක් ශ්‍රී ලංකාව දිනාගනු දැකීම පමණමයි.

Share This