මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම කල් දමන්න – පාර්ලිමේන්තු කාරක සභාවෙන් නිර්දේශයක් (VIDEO)

මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම කල් දමන්න – පාර්ලිමේන්තු කාරක සභාවෙන් නිර්දේශයක් (VIDEO)

ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වයට හානි නොවන පරිදි ගැටලුවට සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් වැටුප් වැඩිකිරීම කල්දමන ලෙස රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ශ්‍රී ලංකා මහ බැංකුවට අද(20) උපදෙස් ලබාදී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳ අදහස් දක්වමින් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර සිටියේ, වැටුප් වැඩිකිරීම සලකා බැලීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් මහ බැංකු අධිපතිවරයාගේ එකඟත්වය ඇතිව ස්වාධීන පාරිශ්‍රමික කමිටුවක් කඩිනමින් පත්කරන ලෙසට ද නිර්දේශ කරන බවයි.

ඒ පිළිබඳ වාර්තාව සති 4ක් ඇතුළත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

එමෙන්ම ලැබී ඇති කරුණු මත පිළිගත් විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩිකිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කල් දමන ලෙසත් සඳහන් කර තිබෙනවා.

Share This