එක්දින ක්‍රිකට් පිතිකරණ පළමු දස දෙනා අතරට පැමිණි පැතුම්

එක්දින ක්‍රිකට් පිතිකරණ පළමු දස දෙනා අතරට පැමිණි පැතුම්

එක්දින ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු දස දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිස්සංක සමත් වී තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුවයි.

පැතුම් නිස්සංක ප්‍රසාද ලකුණු 711ක් හිමි කරගෙන ඇති අතර මීට පෙර ඔහු එම ලැයිස්තුවේ 11 වන ස්ථානයේ පසුවුණා.

නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඔහු මේ වන විට 8 වන ස්ථානයට පැමිණ තිබෙනවා.

Share This