දේශීය බිත්තර මිල පහළට

දේශීය බිත්තර මිල පහළට

වෙළඳපොලේ ඉන්දීය බිත්තර මිලට වඩා දේශීය බිත්තරවල මිල අද(21) වන විට පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර රුපියල් 45ක් වැනි මුදලකට අලෙවි වන අතර දේශීය බිත්තරයක මිල සටහන් වී ඇත්තේ රුපියල් 40ක් ලෙසයි.

ඒ නිසා තවදුරටත් ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීම අවශ්‍ය නොවන බවයි බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක සඳහන් කරන්නේ.

Share This