
IPL පළමු තරගයේ ජය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට
2024 ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ ඊයේ (22) පැවති පළමු තරගයෙන් කඩුලු 6ක ජයක් හිමි කර ගැනීමට චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
තරගය පැවැත්වුණේ චෙන්නායි සුපර් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බෙන්ගලූරූ කණ්ඩායම් අතරයි.
එහිදී පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බෙන්ගලූරූ කණ්ඩායම සිය ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 173ක් රැස්කළා.
ඊට පිළිතුරු ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4කදී කඩුලු 4ක් දැවී ලකුණු 176ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා.
