IPL ඉතිහාසයේ වැඩිම ලකුණු Sunrisers Hyderabad කණ්ඩායමට

IPL ඉතිහාසයේ වැඩිම ලකුණු Sunrisers Hyderabad කණ්ඩායමට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ(27) පැවති 08 වන තරගයේදී IPL ඉතිහාසයේ වැඩිම ලකුණු ලබා ගැනීමට Sunrisers Hyderabad කණ්ඩායම සමත් වුණා.

ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර ඊයේ පැවති තරගයේදියි.

කාසියේ වාසිය දිනූ මුම්බායි කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කරනු ලැබුවා.

එහිදී පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් දැවී ලකුණු 277ක් රැස් කළා.

IPL තරගාවලියකදී කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙයයි.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 278ක ජයග්‍රාහී ඉලක්කයක් ලැබුණු අතර ඔවුන්ට නියමිත පන්දු වාර 20 තුළ රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 246ක් පමණයි.

Share This