කාබනික රබර්වලින් හදන සෙල්ලම් බඩු

කාබනික රබර්වලින් හදන සෙල්ලම් බඩු

කාබනික රබර් යොදාගනිමින් සෙල්ලම් බඩු නිෂ්පාදනය කරන ආයතනයක් බියගම වෙළඳ කලාපය තුළින් හමුවී තිබෙනවා.

අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකම ළමයින් සඳහා රබර්වලින් සෙල්ලම් බඩු අපනයනය කරමින් ලොව පුරා ආකර්ෂණීය කීර්තිනාමයක් දිනාගෙන ඇති මෙම කර්මාන්තශාලාව වාර්ෂිකව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 12ක විදේශ විනිමයක් ලබාදෙන බව එම ආයතනයේ විධායක නිලධාරීන් ප්‍රකාශ කර සිටිනවා.

ලොව සෑම රටකම සෙල්ලම් බඩු නිෂ්පාදනය සඳහා 90% ක් ප්ලාස්ටික් අමුද්‍රව්‍ය යොදාගන්නා අතර එයට අභියෝග කරමින් ශ්‍රී ලංකාවේ ස්වභාවික රබර්වලින් නිෂ්පාදනය කරන සෙල්ලම් බඩු උසස් ප්‍රමිතියෙන් යුක්තව තම ආයතනයේ පවතින බව වැඩිදුරටත් අදහස් දක්වමින් ආයතනයේ විධායක නිලධාරීන් ප්‍රකාශ කර සිටියා.

Share This