මරුවාට අත වැනූ විහිළුව – පිටුපසට ඇල්ලූ හුළං බටයෙන් බඩවැල් පිපිරී තරුණයෙක් මරුට

මරුවාට අත වැනූ විහිළුව – පිටුපසට ඇල්ලූ හුළං බටයෙන් බඩවැල් පිපිරී තරුණයෙක් මරුට

සේවකයකුගේ පිටුපසට හුළං බටයක් ඇල්ලීමෙන් සිදු කළ විහිළුවක් හේතුවෙන් එම තරුණයාගේ බඩවැල් පිපිරී මිය ගොස් ඇති බව වාර්තා වනවා. .

මාබිම ප්‍රදේශයේ තිබෙන පෞද්ගලික ආයතනයක අලුත්වැඩියා අංශයේ සේවකයකු මෙසේ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

24 හැවිරිදි මියගිය තරුණයා පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

පසුගිය 25 වැනිදා දහවල් එම ආයතනයේ සේවකයන් දෙදෙනකු විසින් විහිලුවට අදාළ පුද්ගලයාගේ ගුද මාර්ගයට හුළං බටයක් අල්ලා තිබෙන අතර එයින් අසාධ්‍ය තත්ත්වයට පත්වූ ඔහු රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුව ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (28) රාත්‍රියේ දී මෙම තරුණයා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සේවකයන් දෙදෙනා තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචි අය වන අතර ඔවුන් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This