බිත්තර මිල අඩු වූ නිසා කේක් මිල පහළට

බිත්තර මිල අඩු වූ නිසා කේක් මිල පහළට

බිත්තරයක මිල රුපියල් 35 දක්වා අඩු වුවහොත් කේක් කිලෝවක මිලද රුපියල් 100 කින් පහත දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එමෙන්ම උත්සව සමයේදී දේශීය බිත්තරයක මිල රුපියල් 35ට වැඩ අඩු මට්ටමට ගෙන ඒමට කටයුතු කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ.

තවද කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර වෙළඳපොලට සැපයීමට පියවර ගන්නා බවත්, අවම මිලක් යටතේ කුකුළු මස් හා බිත්තර පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

කෙසේවෙතත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ බිත්තරයක් රුපියල් 35ක් දක්වා අඩු වුවහොත් පමණක් කේක් ආශ්‍රිත නිෂ්පාදනවල මිල පහත දමන බවයි.

Share This