
ආරක්ෂකයෙකුගෙන් තුවක්කුවක් සොරකම් කර වෙඩි තැබූ කාන්තාවක් (VIDEO)
යම්කිසි සිදුවීමක් නිසා ඊයේ (01) චිලී වෙළඳපොලකින් පිටතදී පොලිස් අත්අඩංගුවේ සිටි කාන්තාවක් මුරකරුවෙකුගෙන් තුවක්කුවක් සොරකම් කර වෙඩි තැබීමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහිදී වෙඩි වැදී තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි සඳහන් වන්නේ.
තුවාල ලැබූවන් අතර ආරක්ෂකයෙකු සහ කැමරා ශිල්පියෙකු සිටි අතර කැමරාකරු බරපතළ තුවාල ලබා තිබෙනවා.
චිලී රාජ්‍යයේ සන්තියාගෝ හි ලෝ වැල්ඩෝර් වෙළඳපොලේ සිදුවූ මෙම සිදුවීම දැක්වෙන වීඩියෝවක් පහතින්,