රසිකයන් හඬවමින් දකුණු කොරියාවට සමුදෙන Fu Bao පැන්ඩා (VIDEO)

රසිකයන් හඬවමින් දකුණු කොරියාවට සමුදෙන Fu Bao පැන්ඩා (VIDEO)

දකුණු කොරියාවේ උපන් ප්‍රථම යෝධ පැන්ඩා අභිජනන වැඩසටහනකට එක්වීම සඳහා චීනය බලා පිටත්ව යන අවස්ථාවේ Fu Bao පැන්ඩාගේ රසිකයින් දහස් ගණනක් එවර්ලන්ඩ් උද්‍යානය අසල වීදිවල පෙළ ගැසී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීනයේ “පැන්ඩා රාජ්‍ය තාන්ත්‍රික” වැඩසටහනේ කොටසක් ලෙස ඇගේ දෙමාපියන් දකුණු කොරියාවට ඒවා ඇති අතර Fu Bao උපත ලැබීමෙන් පසු උද්‍යානයට පැමිණෙන අමුත්තන් සංඛ්‍යාව දෙගුණ වී ඇති බව සඳහන්.

Fu Bao පැන්ඩා රැගත් ට්‍රක් රථයක් වීදි හරහා ගමන් කරන අතර මිනිසුන් කොඩි වනමින් සහ කඳුළු පිසදමමින් පාර අයිනේ සිටගෙන පැන්ඩාට සමුදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This