අයහපත් කාලගුණයෙන් බ්‍රසීලයේ 30 දෙනෙකු මරුට

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලයේ 30 දෙනෙකු මරුට

දකුණු බ්‍රසීලයේ දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 30කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අධික වර්ෂාව හේතුවෙන් රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් හි ජල විදුලි වේල්ලක් කැඩී ගොස් ඇති බව සඳහන්.

එමෙන්ම රියෝ ග්‍රෑන්ඩ් ඩෝ සුල් ප්‍රාන්තයේ තවත් 60 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පවතින අයහපත් කාලගුණය නිසා පසුගිය සෙනසුරාදා සිට නිවැසියන් 15,000 ක් පමණ තම නිවෙස්වලින් පිටව ගොස් තිබෙනවා.

ප්‍රාන්තයේ 500,000ක් පමණ ජනතාව විදුලිය හා පිරිසිදු ජලය නොමැතිව පීඩා විඳින බවද සඳහන්.

මෙම වේල්ල පිහිටා ඇත්තේ කෝටිපෝරා මහ නගර සභාව සහ බෙන්ටෝ ගොන්සාල්වෙස් නගරය අතර ය.

බ්‍රසීල ජනාධිපති Luiz Inacio Lula da Silva මධ්‍යම රජයෙන් ආධාර ලබා දෙන බවට පොරොන්දු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This