ලබන වසරේ සිට වාහන ආනයනයට අවසර ලැබෙන ලකුණු

ලබන වසරේ සිට වාහන ආනයනයට අවසර ලැබෙන ලකුණු

ලබන වසරේ සිට වාහන ආනයනය කිරීම යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ දැනට වාහන ආනයනය සඳහා පනවා ඇති සීමාවන් ක්‍රමානුකූලව ලිහිල් කිරීමට සැලසුම් කර ඇති බවයි.

කෙසේ වෙතත් වාහන ආනයනය කිරීමට අවසර ලබාදී ඇත්තේ වාණිජමය අවශ්‍යතාවයන් සඳහා පමණක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

Share This