වන මැද පුංචි කටු මැටි ගැසූ පැලේ තුන් නිවුන් දරුවන්ට නිවසක් (VIDEO)
හබරණ පුවක්පිටිය මහා වන මැද කටු මැටි ගැසූ නිවසක තුන් නිවුන් දරු උපතක් බිහි කළ ගිහානි සුපේෂලා කුමාරි මහත්මියට කඩිනමින් නිවසක් සාදා දීමට කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා
නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පැවසුවේ මෙම පවුලට ස්ථිර නිවසක් ලබා දීමට කටයුතු කරන බවත් ඒ සදහා දැනටමත් ඊට අදාළ තොරතුරු වාර්තා ලබා දෙන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් කළමණාකරුට උපදෙස් ලබා දී ඇති බවයි
ඔහු මෙම උපදෙස් ලබා දී ඇත්තේ තුන් නිවුන් දරු උපතක් බිහි කළ මව සහ ඔහුගේ සැමියා ඇතුළු දරුවන් හබරණ පුවක්පිටිය ප්‍රදේශයේ මහා වන මැද පුංචි කටු මැටි ගැසූ පැලක දිවා කාලයේ ජීවත් වන අතර රාත්‍රිය ගසක් උඩ පැලක ජීවත් වන බවට අද (16) උදෑසන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ ප්රවෘත්ති වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනුයි