ගංවතුර හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ 50 දෙනෙකු මරුට

ගංවතුර හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ 50 දෙනෙකු මරුට

මධ්‍යම ඇෆ්ගනිස්ථානයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ඇති වූ හදිසි ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

Ghor පළාතේ බලධාරීන් පවසන්නේ ගංවතුර ඇතිවීමට මිනිත්තු කිහිපයකට පෙර මිනිසුන් උස් බිම් මත ආරක්ෂිත ස්ථාන කරා දිව ගිය නිසා තවත් විශාල පිරිසක් අතුරුදහන් වී ඇති බවයි.

එමෙන්ම ගංවතුර හේතුවෙන් ගවයින් දහස් ගණනක් මිය ගොස් ඇති අතර, නිවාස 2,000 ක් පමණ විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

විපතට පත් ජනතාව ගලවා ගැනීමේ මෙහෙයුම්වලට දැඩි බාධා එල්ල වී ඇති බැවින් ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ යා හැකි බවටයි එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන අනතුරු අඟවා ඇත්තේ

Share This