අප්‍රේල් මාසයේ නිෂ්පාදන ක්‍රියාවලියේ පහත වැටීමක්

අප්‍රේල් මාසයේ නිෂ්පාදන ක්‍රියාවලියේ පහත වැටීමක්

මෙම වසරේ අප්‍රේල් මාසය තුළ නිෂ්පාදන කටයුතුවල පහත වැටීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය තුළින් අප්‍රේල් මාසයේදී දර්ශක අගය 42.0ක් වාර්තා කර තිබෙන බවයි මහ බැංකුව නිවේදනය කරන්නේ.

නව ඇණවුම්, නිෂ්පාදනය, සේවා නියුක්තිය සහ මිලදී ගැනීම් තොග උප දර්ශක අප්‍රේල් මාසය තුළ පහත වැටී තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස දර්ශකයේ සමස්ත පහත වැටීමක් සිදුවී තිබෙනවා.

සේවා සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය තුළින් අප්‍රේල් මාසයේ දී දර්ශක අගය 56.7ක් වාර්තා කර තිබෙන බව සඳහන්.

එහිදී ව්‍යාපාර ක්‍රියාකාරකම් දර්ශකය මගින් පිළිබිඹු වන පරිදි සේවා ක්‍රියාකාරකම්වල මන්දගාමී ප්‍රසාරණයක් පෙන්නුම් කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

Share This