පියයුරු පිළිකාවෙන් බැට කෑ සිරියාවේ ජනපති ආර්යාවට ලියුකේමියා

පියයුරු පිළිකාවෙන් බැට කෑ සිරියාවේ ජනපති ආර්යාවට ලියුකේමියා

2019දී පියයුරු පිළිකාවෙන් සුවය ලැබූ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ බිරිඳ අස්මා ලියුකේමියාවෙන් පෙළෙන බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

ජනපති ආර්යාව අස්මා අල්-අසාද්ට මයිලෝයිඩ් ලියුකේමියාව වැළඳී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ආසාදනය වැළැක්වීම සඳහා විශේෂිත ප්‍රතිකාර ප්‍රොටෝකෝලයකට ඇයව යොමු කරන බව සඳහන්.

ඒ අනුව ඇගේ ප්‍රතිකාර සැලැස්මේ කොටසක් ලෙස ජනපති ආර්යාව සියලුම සෘජුව සම්බන්ධ වන දේශපාලන කටයුතුවලට මැදිහත්වීමෙන් තාවකාලිකව ඉවත් වන බවයි නිවේදනය කර ඇත්තේ.

2019 දී, සිරියාවේ ජනාධිපති ආර්යාව වසරක් තිස්සේ පිළිකාව රෝගය සමග සටන් කිරීමෙන් පසු පියයුරු පිළිකාවෙන් සම්පූර්ණයෙන්ම සුවය ලැබූ බව සඳහන්.

Share This