මාරාන්තික ගුවන් ගමන ගැන සිංගප්පූරු ගුවන් සේවය සමාව අයදියි (VIDEO)

මාරාන්තික ගුවන් ගමන ගැන සිංගප්පූරු ගුවන් සේවය සමාව අයදියි (VIDEO)

මාරාන්තික ගුවන් ගමනක් හේතුවෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබීම ගැන සිංගප්පූරු ගුවන් සේවය සමාව ඉල්ලා තිබෙනවා.

ලන්ඩනයේ සිට සිංගප්පූරුව දක්වා වූ SQ321 ගුවන් යානයේ සිටි අය මුහුණ දුන් එම මාරාන්තික අත්දැකීම ගැන අතිශයින්ම කණගාටුවට පත්වන බවයි සිංගප්පූරු ගුවන් සේවයේ සභපති වූ Goh Choon Phong විශේෂ වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

විපතට පත් වූ අයගේ පවුලේ අයට සිය ශෝකය ප්‍රකාශ කළ ඔහු, විපතට පත් මගීන්ට සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට හැකි සෑම සහයක්ම ලබා දෙන බවයි කියා සිටියේ.

ඒ අනුව තායිලන්තයේ බැංකොක් අගනුවරට හදිසි ගොඩබෑමක් කිරීමට එම ගුවන් යානයට සිදුවුණා.

මගීන් 79 ක් සහ කාර්ය මණ්ඩලයේ හය දෙනෙක් තවමත් බැංකොක් හි සිටින අතර ඔවුන් තුවාල සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉතිරි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් රැගත් සහන ගුවන් යානයක් අද(22)අලුයම සිංගප්පූරුවට ළඟා වුණා.

මගීන් 211 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකු සිටි ගුවන් යානය දැඩි කැළඹීමකට ලක් වූ අතර මිනිත්තු තුනකින් අඩි 6,000ට වඩා පහතට ඇද වැටුණු බව සඳහන්.

73 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන Geoff Kitchen ගුවන් ගමන අතරතුර හෘදයාබාධයක් හේතුවෙන් මිය ගිය අතර තවත් කිහිප දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This