වෙන්දේසියකදී අලෙවි වූ ලොව මිල අධිකම හුයියා පිහාටුව -වටිනාකම ඩොලර් 28,417ක්

වෙන්දේසියකදී අලෙවි වූ ලොව මිල අධිකම හුයියා පිහාටුව -වටිනාකම ඩොලර් 28,417ක්

දැනට වඳ වී ගොස් ඇති නවසීලන්ත හුයියා පක්ෂියාගේ තනි පිහාටුවක් වෙන්දේසියකදී ඩොලර් 28,417 කට අලෙවි වී තිබෙනවා.

එය ශ්‍රී ලංකා රුපියල්වලින් අට මිලියන පන් ලක්ෂ විසි අටදහස් හත්සිය තිස් හතක් ( 8,528,737.38) පමණ වනවා.

එම පිහාටුවට ලැබුණු වටිනාකම නිසා එය ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මුලදී ඩොලර් 3,000 ක් දක්වා අවමයක් අපේක්ෂා කර තිබූ බව සඳහන්.

එම වෙන්දෙසියත් සමග හුයියා විශේෂයේ පිහාටුවක් සඳහා වූ පෙර වාර්තාව 450% කින් බිඳ වැටී තිබෙනවා.

හුයියා කුරුල්ලාව මාඕරි ජනයා පූජනීය ලෙස සළකනු ලබනවා.

ඔවුන්ගේ පිහාටු බොහෝ විට ප්‍රධානීන් සහ ඔවුන්ගේ පවුල් විසින් හිස් ආවරණ ලෙස පළඳින අතර තෑගි වශයෙන් මෙම පිහාටුව හුවමාරු කරගැනීමද සුලබ කරුණක්.

හුයියා පක්ෂියා නවසීලන්තයේ වොට්ල්බර්ඩ් පවුලේ කුඩා ගීත කුරුල්ලෙකු වූ අතර කුරුල්ලට ඇති පැනීමේ හැකියාවන් සහ අලංකාර පිහාටු නිසාවෙන් ප්‍රසිද්ධ වී තිබෙනවා.

අතීතයේ දී, හුයියා පිහාටු මාඕරි ජනයාට තත්ත්වයේ සලකුණක් ලෙස හඳුන්වා තිබෙනවා.

එදා පටන් දුර්ලභ කුරුල්ලෙකු වූ මෙම හුයියා පක්ෂියා යුරෝපීය විලාසිතා වෙළෙන්දන්ගේ ඉලක්කයක් බවට පත් වූ අතර පසුව හුයියා පක්ෂියා වඳ වී ගිය බවයි නවසීලන්ත කෞතුකාගාරය පෙන්වා දෙන්නේ.

ඒ අනුව මෙම වෙන්දේසියේදී අලෙවි වූ පිහාටුව අපූරු තත්ත්වයේ තිබූ බවයි Webb’s Auction House හි සැරසිලි කලා අංශයේ ප්‍රධානී Leah Morris පවසන්නේ.

මඕරි විසින් සාදන ලද වස්තූන් ආරක්ෂා කිරීමේ පද්ධතියක් යටතේ පිහාටුව taonga tūturu ලෙස ලියාපදිංචි කර තිබෙනවා.

බලපත්‍ර ඇති එකතුකරන්නන්ට පමණක් එය මිලදී ගැනීමට අවසර දී ඇති අතර, සංස්කෘතික හා උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ අවසරයකින් තොරව එම පිහාටු නවසීලන්තයෙන් පිට කළ නොහැකියි.

Share This