
ඉන්දියාවේ ළමා රෝහලකත් ගින්නක් -අලුත උපන් බිලිඳුන් 6 දෙනෙකු මරුට
ඉන්දියාවේ නවදිල්ලි හි ළමා රෝහලක හටගත් ගින්නකින් අලුත උපන් බිලිඳුන් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.
ගිනි නිවීමේ රථ 16ක් යොදවා ගින්න නිවීමට කටයුතු කර ඇති අතර බිලිඳුන් 12 දෙනෙකු බේරා ගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් රෝහල් බලධාරීන්ට චෝදනා එල්ල වී තිබෙනවා.
ඒ අනුව ඔවුන්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.