අඩි 400ක උසකින් වැටුණු තරුණයෙකු දිවි ගලවා ගනියි

අඩි 400ක උසකින් වැටුණු තරුණයෙකු දිවි ගලවා ගනියි

වොෂින්ටන් ප්‍රාන්තයේ තරුණයෙකු අඩි 400ක් උස කැනියොන් එකකින් පහළට වැටීමෙන් සුළු තුවාල පමණක් සහිතව දිවි ගලවා ගෙන තිබෙනවා.

ආරක්ෂිත සහ සාර්ථක මෙහෙයුමක් දියත් කිරීමෙන් පසු ඔහු බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

19 හැවිරිදි වියේ පසුවන මොහු ජීවතුන් අතර සිටීම ඇදහිය නොහැකි සිදුවීමක් බවයි ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් කළ නිලධාරීන් පවසා ඇත්තේ.

තරුණයා ගමන් ගත් මාර්ගය ඉතා බෑවුම් සහිත වූ ප්‍රදේශයක් බව සඳහන්.

එම ප්‍රදේශයේ ගමන් ගන්නා අයට අනතුරුදායක ප්‍රදේශයක් බැවින් කඳු නැගීමෙන් වළකින්නැයි බලධාරීන් ජනතාවට දැනුම් දී තිබුණත් ඇතැමුන් එය අනුගමනය නොකරන බවයි නිලධාරීන් පවසන්නේ.

Share This