ජෙට් යානයක් කැලිෆෝනියාවේදී අනතුරක

ජෙට් යානයක් කැලිෆෝනියාවේදී අනතුරක

කැලිෆෝනියාවේ ගුවන් හමුදා කඳවුරක් වෙත යමින් සිටි හමුදා ජෙට් යානයක් කඩා වැටී තිබෙනවා.

මෙක්සිකෝවේ Albuquerque ගුවන් තොටුපළ අසලදී යානය කඩා වැටීමට ලක්වූ අතර එහිදී නියමුවාද තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ යානය අනතුරට ලක්වන අවස්ථාවේ එහි නියමුවා පමණක් සිට ඇති බව සඳහන්.

යානයේ ඇතිවූ කාර්මික දෝෂයක් අනතුරට හේතුව බවට සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

Share This