බටහිර අමෙරිකාවේ උෂ්ණත්වය හෙට ඉහළට – කාලගුණය අනතුරු අඟවයි

බටහිර අමෙරිකාවේ උෂ්ණත්වය හෙට ඉහළට – කාලගුණය අනතුරු අඟවයි

මේ සතියේ එක්සත් ජනපදයේ බටහිර කොටසට අධික උෂ්ණත්වයක් ඇතිවන බවට අනතුරු ඇඟවීමෙන් පසු අමෙරිකානුවන් මිලියන 34ක් පමණ අධික උෂ්ණත්වයකට මුහුණදීමට සූදානම් වෙමින් සිටිනවා.

කාලගුණ සංසිද්ධි හේතුවෙන් සිකුරාදාට පෙර උෂ්ණත්වය ඉහළ යන බවයි අනාවැකිකරුවන් කැලිෆෝනියා, නෙවාඩා, උටා සහ ඇරිසෝනා ප්‍රදේශවල පදිංචිකරුවන්ට අනතුරු අඟවා ඇත්තේ.

එමෙන්ම සති අන්තයේදී පැසිෆික් වයඹදිග ප්‍රදේශවලට ආන්තික උෂ්ණත්වය ළඟා වන බව නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය වසරේ මෙවැනිම උෂ්ණත්වයන් නිසා අමෙරිකාවේ නිරිතදිග ප්‍රාන්තවල පුද්ගලයන් 12දෙනෙකු පමණ මිය ගිය බව සඳහන්.

මේ වන විට නිකුත් කර ඇති කාලගුණ අනාවැකිවලට අනුව සැක්‍රමෙන්ටෝ සිට බේකර්ස්ෆීල්ඩ් දක්වා කැලිෆෝනියාව හරහා උෂ්ණත්වය 42.2C දක්වා ළඟා විය හැකි බවයි.

ඒ අනුව හෙට බටහිර අමෙරිකාවේ උණුසුම ඉහළම අගයක් ගන්නා බව කාලගුණ අනාවැකිකරුවන් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This