අභ්‍යවකාශයේදී Earthrise ඡායාරූපය ගත් ගගනගාමියා ගුවන් අනතුරකින් මරුට

අභ්‍යවකාශයේදී Earthrise ඡායාරූපය ගත් ගගනගාමියා ගුවන් අනතුරකින් මරුට

ඇපලෝ 8 ගගනගාමී 90 හැවිරිදි බිල් ඇන්ඩර්ස් (Bill Anders) මියගොස් ඇති බව නාසා ආයතනය නිවේදනය කරනවා.

අභ්‍යවකාශයේදී ලබාගත් වඩාත් ප්‍රසිද්ධ ඡායාරූපයක් වන Earthrise ඡායාරූපය ගෙන ඇත්තේ ඔහු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහු පියාසර කරමින් සිටි ගුවන් යානයක් වොෂින්ටනයේ සියැටල් නගරයට උතුරින් ජෝන්ස් දූපතේ වෙරළ තීරයේ සිට අඩි 80 පමණ උසක සිට යානය කඩා වැටී මෙම අනතුර සිදුවූ බව සඳහන්.

ඇන්ඩර්ස්ගේ පුත් ග්‍රෙග් තම පියා ගුවන් යානය පියාසර කරමින් සිටි බවත් සිදුවූ අනතුරින් පසුව ඊයේ(07) පස්වරුවේ ඔහුගේ සිරුර ගොඩගනු ලැබූ බවත් තහවුරු කර තිබෙනවා.

ඇපලෝ 8 මෙහෙයුමේ චන්ද්‍ර මොඩියුල නියමුවෙකු වූ ඇන්ඩර්ස්, අභ්‍යවකාශයේ සිට පෘථිවියේ වඩාත්ම අමතක නොවන සහ ආශ්වාදජනක ඡායාරූපවලින් එකක් වන සංකේතාත්මක Earthrise ඡායාරූපය ලබා ගත්තා.

1968 මෙහෙයුම අතරතුර ඔහු මේ ඡායාරූපය ගෙන ඇති අතර මේ ඡායාරූපය අභ්‍යවකාශයේ නොයෙකුත් දේ අධ්‍යයනයට එදා, අද සහ හෙටත් මහඟු මෙහෙවරක් ඉටු කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

 

 

Share This