
ඊශ්‍රායලයේ යුද කැබිනට් අමාත්‍යවරයා හදිසියේ ඉල්ලා අස්වෙයි
ඊශ්‍රායල යුද කැබිනට් ඇමති බෙනී ගැන්ට්ස් හදිසියේම එරට රජයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ටෙල් අවිව් හි පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙහිදී අගමැති බෙන්ජමින් නෙතන්යාහු යුද කැබිනට් අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ “බෙනී, මෙය ව්‍යාපාරයෙන් ඉවත් වීමට කාලය නොවේ, මෙය බලවේගවලට සම්බන්ධ වීමට කාලයයි.” යන්නයි.