පෘථිවිය දෙසට එන ප්‍රබල සූර්ය කුණාටුවක්

පෘථිවිය දෙසට එන ප්‍රබල සූර්ය කුණාටුවක්

තවත් සූර්ය කුණාටුවකින් පෘථිවියට බලපෑම් එල්ල වන බව නාසා විද්‍යාඥයෝ අනතුරු අඟවා තිබෙනවා.

NASA හි spaceweather.com වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ කුණාටුව මැයි 27 වන දින AR3664 සූර්ය ලපයෙන් නිකුත් වී ඇති බවයි.

එය X2.8 පරිමාණයෙන් සටහන් වී ඇති අතර මෑත වසරවලදී සටහන් වී ඇති වඩාත්ම ප්‍රබල සූර්ය කුණාටුවක් හෝ කිරණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සූර්ය කුණාටුව හේතුවෙන් පෘථිවියේ දැනටමත් කෙටි තරංග සංඥාවලට බාධා එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පිපිරීමෙන් සිදුවන කිරීටක ස්කන්ධ පිටකිරීම නොහොත් coronal mass ejection(CME) අපගේ ග්‍රහලෝකයට බලපාන්නේ නැහැ.

සූර්ය කුණාටුවක් යනුවෙන් තාරකා විද්‍යාඥයන් හඳුන්වන්නේ සූර්යයාගෙන් එකවර නිකුත් වන විකිරණ සහ ආරෝපිත අංශුවලින් සමන්විත ගිනි දැල් වන අතර මේවා සෞරග්‍රහ මණ්ඩලය පුරා විහිදී තිබෙනවා.

මීට දින කීපයකට පෙර ද මේ අයුරින් සූර්ය කුණාටුවකින් පෘථිවියට බලපෑම් එල්ල වුණා.

රටවල් බොහොමයක අහස ඔරෝරෝ බොරියාලිස් හෙවත් උත්තර ආලෝකයෙන් හැඩ ගැන්වුණේ එම සූර්ය කුණාටුව හේතුවෙන් බව සඳහන්.

Share This