හමාස් සංවිධානය ගාසා තීරයේ යුද්ධය සම්පූර්ණයෙන්ම නවත්වන ලෙස ඉල්ලයි

හමාස් සංවිධානය ගාසා තීරයේ යුද්ධය සම්පූර්ණයෙන්ම නවත්වන ලෙස ඉල්ලයි

ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා එක්සත් ජනපදයේ පිටුබලය ලත් සැලැස්මට තම ප්‍රතිචාරය ඉදිරිපත් කර ඇති බව හමාස් සංවිධානය පවසනවා.

තම යෝජනා ඉදිරිපත් කළත් ස්ථිර සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලයේ පිළිතුර තවමත් අවශ්‍ය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නිවේදනයක් නිකුත් කරමින්, හමාස් කණ්ඩායම සහ එහි පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් (PIJ) සහචරයින්, ගිවිසුමකට එළඹීමට ඔවුන්ගේ ඇති ධනාත්මක සූදානම ප්‍රකාශ කර ඇති බව සඳහන්.

පෙරේදා(10) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් අනුමත කරන ලද යෝජිත සටන් විරාම සැලැස්මෙහි සති හයක සටන් විරාමයක් ඉල්ලා සිටින අතර එය ස්ථිර කිරීමේ අපේක්ෂාවෙන් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කටාර් සහ ඊජිප්තුව – එක්සත් ජනපදය සමඟ එක්ව ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සාකච්ඡා සඳහා මැදිහත් වී තිබෙනවා.

හමාස් සංවිධානය ඊයේ(11) සවස සිය ප්‍රකාශයේ දී ගාසා තීරයේ සිදුකරන සටන් සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස ඉල්ලා ඇති බව සඳහන්.

එමෙන්ම මෙම යුද්ධය අවසන් කරන ගිවිසුමකට එළඹීම සඳහා ධනාත්මකව සම්බන්ධවීමට තමන් සූදානම් බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

Share This