රතු පලසින් උතුරු කොරියාවට පැමිණි පුටින්

රතු පලසින් උතුරු කොරියාවට පැමිණි පුටින්

උතුරු කොරියාවට පැමිණි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පිළිගැනීමේ උත්කර්ෂවත් උත්සවයක් උතුරු කොරියාවේ අගනුවර ලෙස හඳුන්වන පියොං – යැං නගරයේදී පැවැත්වුණා.

පුටින්ට හමුදා උත්තමාචාරයක්, මල් පිළිගැන්වීමක්, උතුරු කොරියානු මහ ජනතාවගේ ආචාරය සහ චාරිත්‍රානුකූල වෙඩි තැබීම් වැනි අංග ඇතුළුව රතු පලස මගින් පිළිගැනීමේ කටයුතු සිදුකළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2000 වසරෙන් පසු සිය ප්‍රථම නිල සංචාරයේදී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් තමන්ට පියොංයැං වෙත ආරාධනා කිරීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා ස්තුතිය පළකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය විකාශය කරන ලද දර්ශනවලින් පෙන්නුම් කළේ නායකයින්ගේ රථ පෙළපාලිය සිදුවන අවස්ථාවේදී අගනුවර මධ්‍යයේ මාර්ගවල දස දහස් ගණන් ජනයා පෙළ ගැසී සිටින ආකාරයයි.

පුටින්ගේ පැමිණීමෙන් පසු නායකයන් දෙදෙනා තම රටවල් අතර සබඳතා ගැඹුරු කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියාව සහ උතුරු කොරියාව අතර සබඳතා ශක්තිමත් වී ඇති අතර උතුරු කොරියානු නායකයාගේ හා රුසියානු නායකයාගේ හමුව මේ වන විට ලෝක අවධානය යොමුවී ඇති කරුණක් බවට පත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This