දකුණු චීන මුහුදේ සිදුවූ නෞකා අනතුරින් නාවිකයින් 8 දෙනෙකුට තුවාල

දකුණු චීන මුහුදේ සිදුවූ නෞකා අනතුරින් නාවිකයින් 8 දෙනෙකුට තුවාල

දකුණු චීන මුහුදේදී පිලිපීන යාත්‍රාවක් සහ චීන යාත්‍රාවක් ගැටී පසුගියදා සිදුවූ අනතුර හේතුවෙන් නාවිකයින් 8 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව පිලිපීන ජාතිකයින් 8 දෙනෙකු මෙලෙස තුවාල ලබා ඇති අතර එක් අයෙකු බරපතළ තත්ත්වයේ පසුවන බව සඳහන්.

පිලිපීන බලධාරීන් චෝදනා කරන්නේ හිතාමතාම චීනය විසින් අදාළ නෞකාව, සිය නෞකාවේ ගැටීමට සැලැස්වූ බවයි.

කෙසේවෙතත් පිලිපීනය විසින් මුහුදු ප්‍රදේශවල සිදුවන ගැටීම් වළක්වාලීම සඳහා වන ජාත්‍යන්තර රෙගුලාසි උල්ලංඝනය කරන බවට චීනය විසින් චෝදනා එල්ල කර තිබෙනවා.

Share This