ජාතිවාදය ඉස්මතු කරන වචන කියූ මන්ත්‍රීවරයාගේ වැඩ තහනම්

ජාතිවාදය ඉස්මතු කරන වචන කියූ මන්ත්‍රීවරයාගේ වැඩ තහනම්

කළු ජාතිකයින්ට එරෙහිව ප්‍රචණ්ඩ ලෙස වර්ගවාදී භාෂාවක් භාවිතා කළ දකුණු අප්‍රිකාවේ මන්ත්‍රීවරයෙකුගේ මන්ත්‍රීධුරය අහෝසි කර තිබෙනවා.

මීට ටික කලකට ඉහතදී ඩිමොක්‍රටික් සන්ධානයේ මන්ත්‍රීවරයෙකු වන Renaldo Gouws ජාතිවාදය ඉස්මතු කරමින් සිදු කරන ප්‍රකාශ ඇතුළත් පැරණි වීඩියෝ කිහිපයක් අන්තර්ජාලය හරහා හුවමාරු වීමෙන් පසුවයි පක්ෂය මේ තීරණය ගෙන ඇත්තේ.

සතියකට අඩු කාලයකට පෙර පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් Renaldo Gouws 1990 ගණන්වල සිට සාමාන්‍යයෙන් කළු අප්‍රිකානුවන්ට භාවිතා කරන දේශීය අපහාස වචනයක් වන ”nigger” යන වචනය භාවිතා කරන අතර කළු ජාතිකයන් මරා දමන ලෙසද පවසා තිබෙනවා.

ඩිමොක්‍රටික් සන්ධානය සමඟ නව සභාග ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ වී ඇති බැවින් ජනාධිපති සිරිල් රමපෝසාට මෙය දුෂ්කර කාලයක් බවට පත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මධ්‍ය-දක්ෂිණාංශික පක්ෂයක් වන ඩිමොක්‍රටික් සන්ධානයට අවශ්‍ය වන්නේ සුදු – සුළුතර ජනගහනයේ අවශ්‍යතා ආරක්ෂා කිරීම පමණක් යැයි විවේචකයින්ගෙන් චෝදනා කරනවා.

ඒ අනුව Renaldo Gouws විනය චෝදනාවලට මුහුණ දෙන බවයි එම පක්ෂය නිවේදනය කර ඇත්තේ.

Share This