
කෙන්යාවේ බදු වැඩි කිරීම්වලට එරෙහිව විරෝධතා – 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට
කෙන්යා රජයේ බදු වැඩිකිරීමේ සැලසුම්වලට එරෙහිව රටපුරා පැවති විරෝධතාවලදී 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව කෙන්යාවේ මානව හිමිකම් සංවිධාන පවසනවා
එමෙන්ම විරෝධතවලදී අවම වශයෙන් පුද්ගලයින් 200 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ
එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පැවසුවේ නයිරෝබි හි දී කැරලි මර්දන පොලිසිය විසින් තැබූ වෙඩි තැබීමකදී පුද්ගලයෙකු මිය ගිය බවයි.