තුර්කියේ ලැව්ගිනිවලින් 11 දෙනෙකු මරුට

තුර්කියේ ලැව්ගිනිවලින් 11 දෙනෙකු මරුට

තුර්කියේ ගම්මාන කිහිපයක් පුරා පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

එමෙන්ම පුද්ගලයන් 78 දෙනෙකු තුවාල ලබා ඇති අතර පුද්ගලයින් පස් දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවයි එම වාර්තාවල දැක්වෙන්නේ

ගොවි බිම්වල පිදුරු පුළුස්සා දැමීමත් සමඟ මෙම ලැව්ගිනි හට ගෙන ඇති අතර Koksalan, Yazcicegi සහ Bagacik ගම්මාන හරහා පවතින අධික සුළං සමග ගින්න වේගයෙන් පැතිර යන බව සඳහන්

හදිසි අවස්ථා කණ්ඩායම් හතරක් සහ ගිලන් රථ 35ක් එම ස්ථානයට යවා ඇති අතර ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයින් සමත්ව ඇති බවයි වාර්තා වන්නේ

Share This