රුපියල් මිලියන 20 කට අධික ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
තිස්සමහාරාම ප්රදේශයේදී රුපියල් මිලියන 20 කට අධික වටිනාකමින් යුත් දේශීය ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා
ශ්රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ කිරින්ද පොලිසිය එක්ව තිස්සමහාරාම, කිරින්ද ප්රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, ප්රවාහනය සඳහා සූදානම් කර තිබ්යදී ගංජා තොගය සොයා ගෙන ඇත්තේ
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 ක් සහ 28 ක් වන තිස්සමහාරාම ප්රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබෙනවා