ජපානයේ රාජකීය පවුල එංගලන්තයේ නිල සංචාරයක

ජපානයේ රාජකීය පවුල එංගලන්තයේ නිල සංචාරයක

තුන්වන චාල්ස් රජු කළ ආරාධනයකට අනුව ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා සහ මසකෝ අධිරාජිනිය තෙදින රාජ්‍ය සංචාරයකට එංගලන්තයට පැමිණ තිබෙනවා.

ලබන අඟහරුවාදා නිල වැඩසටහන ආරම්භ වීමට පෙර ඔවුන් සංචාරක කටයුතුවල නිරත වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බකිංහැම් මාලිගයේ පැවැත්වෙන මෙම රාජ්‍ය භෝජන සංග්‍රහය විශේෂ වන බව සඳහන්.

ඒ විලියම් කුමරුගේ බිරිඳ කැතරින් පිළිකා ප්‍රතිකාර හේතුවෙන් මෑත මාසවලදී කලාතුරකින් දක්නට ලැබීම නිසා වන අතර සියලුදෙනාගේ මෙම සංග්‍රහයට කැතරින් කුමරිය සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරනවා.

මෙම සංචාරය ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා 2019 දී සිංහාසනයට පත්වීමෙන් පසු එංගලන්තයට පැමිණි දෙවන රාජ්‍ය සංචාරය සංචාරය වනවා.

මහා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මධ්‍යයේ බ්‍රිතාන්‍යය අගමැති රිෂි සුනක් සමඟද හමුවක් පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This