කැප්රි දූපත් වෙත පනවා තිබූ සංචාරක තහනම ඉවතට

කැප්රි දූපත් වෙත පනවා තිබූ සංචාරක තහනම ඉවතට

ජලය සම්බන්ධයෙන් හටගත් ගැටලුකාරී වාතාවරණය යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව ඉතාලියේ කැප්රි දූපත් වෙත සංචාරකයින්ට පැමිණීම අත්හිටුවමින් පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.

ඒ අනුව ප්‍රධාන නගරයකින් ජලය ලබාගැනීම සඳහා එල්ල වී තිබූ තාක්ෂණික ගැටලුව නිරාකරණය කිරීමෙන් පසුව අදාළ තහනම ඉවත් කළ බවයි කැප්රි හි ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර ඇත්තේ.

දිනපතා කැප්රි වෙත පැමිණෙන සංචාරකයින් දහස් ගණනක් පැමිණෙන බව සඳහන්.

අදාළ ගැටලුව හේතුවෙන් සංචාරකයින් රැසක් අර්බුදයට පත්ව සිටි අතර ඔවුන්ගෙන් සමාව අයැදීමට ද බලධාරීන් කටයුතු කර තිබෙනවා.

Share This