LTTE තහනම ගැන එක්සත් රාජධානිය ගත් තීරණය

LTTE තහනම ගැන එක්සත් රාජධානිය ගත් තීරණය

LTTE තහනම තවදුරටත් පවත්වාගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව මෙරට විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

X පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ එක්සත් රාජධානියේ “තහනම් සංවිධාන අභියාචනා කොමිසම” එල්ටීටීඊ තහනම ඉවත් නොකළ යුතු බවට නියෝග කර ඇති බවයි.

එක්සත් රාජධානියේ මහාධිකරණ විනිසුරුවරයෙකු ප්‍රධානත්වය දරන එම කොමිසම එරට පාර්ලිමේන්තුව මගින් ස්ථාපනය කළ ස්වාධීන අධිකරණයක් වනවා.

Share This