රුසියාවේ දේවස්ථානයකට සහ පොලිස් මුරපොළකට ත්‍රස්ත ප්‍රහාරයක් -15 දෙනෙකු මරුට

රුසියාවේ දේවස්ථානයකට සහ පොලිස් මුරපොළකට ත්‍රස්ත ප්‍රහාරයක් -15 දෙනෙකු මරුට

රුසියාවේ ඩැගෙස්තානයේ දේවස්ථානයකට සහ පොලිස් මුරපොළකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පූජකවරයෙකු ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා.

නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් එම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස පළාත් ආණ්ඩුකාරවරයා විසින් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් ආරක්ෂක අංශ විසින් තුවක්කුකරුවන් 6 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මියගිය අය අතර පොලිස් නිලධාරීන්ද වන බව සඳහන්.

එමෙන්ම ජීවිතක්ෂයට පත් වූ පූජකවරයා වසර 40කට අධික කාලයක් අදාළ දේවස්ථානයේ සිට තිබෙනවා.

කෙසේවෙතත් ප්‍රහාරය එල්ල කරනු ලැබූ පාර්ශ්වයන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර එහි වගකීම ද කිසිඳු සංවිධානයක් විසින් භාරගෙන නැහැ.

Share This