ගාසා යුද්ධය මැද ළමුන් 20,000 කට වැඩි පිරිසක් අතුරුදන්

ගාසා යුද්ධය මැද ළමුන් 20,000 කට වැඩි පිරිසක් අතුරුදන්

ගාසා තීරයේ ළමුන් 21,000 කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇති බව බ්‍රිතාන්‍ය ආධාර කණ්ඩායමක් වන සේව් ද චිල්ඩ්‍රන් ප්‍රකාශ කර තිබෙනවා .

ඔවුන් නිකුත් කරන ලද වාර්තාවක දක්වා ඇත්තේ, අතුරුදහන් වූ දහස් ගණන් පලස්තීන දරුවන් සුන්බුන් යට සිරවී හෝ ඊශ්‍රායල හමුදා විසින් රඳවා තබා ඇති බවටයි

ඊශ්‍රායලය විසින් ඔක්තෝම්බර් 7 වනදා සිට ගාසා තීරයේ ගැටුම් හේතුවෙන් ළමුන් 14,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර අනෙක් පිරිස දැඩි මන්දපෝෂණයෙන් පෙළෙන බවද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) මෙම වසර මුලදී වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියා

Share This