ලංකා ඉතිහාසයේ කාන්තාවන් සවිබල ගැන්වීමට පනතක් ගෙනාවේ වත්මන් ජනපති -රාජ්‍ය ඇමති ගීතා කුමාරසිංහ-

ලංකා ඉතිහාසයේ කාන්තාවන් සවිබල ගැන්වීමට පනතක් ගෙනාවේ වත්මන් ජනපති -රාජ්‍ය ඇමති ගීතා කුමාරසිංහ-

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් හෝ කාන්තාවන්ට සම තැන ලබාදීම වෙනුවෙන් පනතක් ගෙනවිත් නොමැති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත මේ වන විට සම්මත වී තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී පෙන්වාදී තිබෙනවා.

එමෙන්ම මෙම පනත මඟින් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද මෙන්ම කාන්තාවන්ගේ අභිවෘද්ධිය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට සිදුවන බවද වැඩිදුර අදහස් දක්වමින් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය බව සඳහන්.

Share This