විරෝධතාකරුවන් පිරිසක් පාර්ලිමේන්තුවට ගිනි තබයි

විරෝධතාකරුවන් පිරිසක් පාර්ලිමේන්තුවට ගිනි තබයි

කෙන්යාවේ විරෝධතාකරුවන් පිරිසක් එරට පාර්ලිමේන්තුවට ගිනි තබා තිබෙනවා.

ඒ ජනතා විරෝධය නොතකා නව මූල්‍ය පනත් කෙටුම්පත සම්මත කිරීම හේතුවෙන්.

පාර්ලිමේන්තුවේ කොටස් ගිනි තැබීමට පෙර කෝපාවිෂ්ඨ ජනකායක් එරට පොලිසියටද කඩා වැදී තිබෙනවා.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුවටද කඩා වැදුණු බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට කඩා වැදී එහි ඇතුළත දේපළ විනාශ කර සංකීර්ණයේ කොටස්වලට ගිනි තබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සෙංකෝලයද සොරකම් කර ඇති බවයි.

ජනාධිපති විලියම් රූටෝ ජාතිය අමතමින් පැවසුවේ “අපේ රටේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය අඩපණ කිරීමට මෙය භයානක අපරාධකරුවන් විසින් දරන උත්සහයක් බවයි.

එහිදී සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු මිය ගිය අතර තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

Share This