
අද සහ හෙට ග්‍රාම නිලධාරීන් වැඩ වර්ජනයක
අද (27) සහ හෙට (28) සියලු සේවාවලින් ඉවත්ව ග්‍රාම නිලධාරීන් වැඩවර්ජනයේ නිරත වන බව ශ්‍රි ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පවසනවා.
සේවා ව්‍යවස්ථාව ග්‍රාම නිලධාරි සේවාවලට අවශ්‍ය විදිහට ලබානොදීම සහ දීමනා වර්තමානයට ගැළපෙන පරිදි ලබානොදීම යන ගැටලුවලට රජය මැදිහත් නොවීම නිසා මෙම වර්ජනය සිදු කරන බවයි ඔහු සඳහන් කරන්නේ.
ඒ අනුව අද සහ හෙට ජනතාවට සිදුවන අපහසුතාවයන් සම්බන්ධයෙන් රජය වගකිව යුතු බවයි ඔහු
මෙම වැඩවර්ජනය සඳහා දිවයිනේ ග්‍රාම නිලධාරීන් 11,700 දෙනකු සම්බන්ධ වන බව සඳහන්.