විධායක සේවා නිලධාරීන්ට ලැබෙන විශේෂ දීමනාව

විධායක සේවා නිලධාරීන්ට ලැබෙන විශේෂ දීමනාව

රාජ්‍ය සේවයේ විධායක සේවා නිලධාරීන්ට මෙතෙක් සේවා කාලය මත පදනම්ව ගෙවන ලද විශේෂ දීමනාව වෙනුවට සේවා කාලය නොසලකා රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාවක් ගෙවීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාළ චක්‍රලේඛ විධිවිධාන 2024.07.01 දින සිට ක්‍රියාත්මක වන බව සඳහන්.

එම දීමනාව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ සහ ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ නිලධාරීන්ට ද හිමි වනු ඇති.

අදාළ චක්‍රලේඛය මහා භාණ්ඩාගාරයේ එකඟතාවයෙන් යුතුව නිකුත් කර ඇති බව සඳහන්.

ඊට අදාළ වන චක්‍රලේඛය පහතින්…

 

Share This