
සොරකම් කරන ලද ජංගම දුරකථන රැසක් එක්ක සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට
රත්තොට ප්රදේශයේ දි සොරකම් කරන ලද ජංගම දුරකථන රැසක් එක්ක සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
ජංගම දුරකථන සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන ලද පැමිණිලි අනුව පොලිසිය විසින් සිදු කළ විමර්ශන ඒ අනුවයි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එහිදී සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී නිවසෙහි තිබී විවිධ මාදිලියන්ට අයත් ජංගම දුරකථන 21 ක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා
අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 34ක් වන බෝගම්බර, කයිකාවල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මොහු බෝගම්බර ”සාදු මල්ලී” යන අන්වර්ථ නාමයෙන් හදුන්වන අයකු බවටද තොරතුරු ලැබී ඇති බව සඳහන්.