
මාර්ගය අබලන් ගමනා ගමනය දැඩි අසීරුයි
දුටුවැව යකල්ල ප්‍රධාන මාර්ගය කිලෝ මිටර් 30 ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් ජනතාව අපහසුතාවයට පත්ව තිබෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුටුවැව සිට අලුත්දිවුල්වැව හරහා හුරුළු වැව වැව් බැම්ම මතින් යකල්ල දක්වා කිලෝමීටර 30 කට ආසන්න දුරකින් සමන්වීත මාර්ගය 1996 වසරේ ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා එම මාර්ගය භාවිතා කරන ගම්මාන රැසක ජනතාව දැඩිලෙස අපහසුතාවයට පත්ව ඇතැයි මාර්ග භාවිතා කරන පිරිස් පවසනවා.
මෙම මාර්ගය භාවිතා කරමින් දුටුවැව,කොකාවැව, අලුත්දිවුල්වැව,හුරුළුනිකවැව,පඩිකාරමඩුව ආදී ගම්මාන රැසක ප්‍රදේශවල ජනතාව එදිනෙදා තම දෛයිනික අවශ්‍යතාවන් ඉටුකරගැනීම සදහා ද ගලෙන්බිදුණුවැව නගරය , අනුරාධපුර , වැඩි වශයෙන් භාවිතා කරන්නේ මෙම මාර්ගයයි.
වෙනත් විකල්ප මාර්ග තිබුණද එම මාර්ගයන් ඔස්සේ තම අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සඳහා ගමන් කිරීමේදී වැඩි දුරක් සහ අනවශ්‍ය කාලයක් ගත කිරීමට සිදුවන බවද මාර්ගය භාවිතා කරන ජනතාව පවසනවා.
වසර ගණනාවක සිට කොළඹ, නුවර ආදී දුර ගමන් වාර සහිත බස් රථ හා කෙටි දුර ප්‍රවාහන බස් රථ ගණනාවක් මෙම මාර්ගය භාවිතා කරමින් ජනතාවට ගමන් පහසුකම් සැලසුවද එම බස් රථ ගමන් කරන්නේ ද ඉතා අපහසුවෙන් බව මගීන් සහ රියදුරන් වැඩි දුරටත් කියා සිටියා.
මාර්ගය අබලන්වීම හේතුවෙන් වසර ගණනාවක සිට තම ගමනාගමන අවශ්‍යතාවයන් සඳහා නිසි පරිදි මාර්ගය භාවිතා කරගන්නට නොහැකි ගම්මාන රැසක ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් තම අවධානය යොමු කොට මාර්ගය නිසි පරිදි යථා තත්ත්වයට පත්කර දෙන ලෙසයි.