
ග්රාම නිලධාරින් වර්ජනයේ
ග්රාම නිලධාරින් අද සිට අඛණ්ඩව වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
මේ හේතුවෙන් රට පුරා වසම් 14000ක වැඩ ඇණ හිටින බවද සදහන්.
ග්රාම නිලධාරින්ගේ ගැටලුවට රජයෙන් යහපත් ප්රතිචාරයක් නොලැබුණ නිසා අද සිට සියලු සේවාවලින් ඉවත්ව අඛණ්ඩව වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ශ්රී ලංකා ග්රාම නිලධාරින්ගේ සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජෙරත්න මහතා ප්රකාශ කළා.
ඔහු වැඩි දුරටත් ප්රකාශ කළේ ග්රාම නිලධාරින් හදිසි ක්රියාමාර්ගවලින් පවා ඉවත් වන බවයි.
ජනාධිපති ජේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා සහ ජනාධිපති ආර්ථික කටයුතු උපදේශක ආචාර්ය එච් සමරතුංග මහතා ග්රාම නිලධාරින් නියෝජනය කරන වෘත්තිය සමිති සංධානයේ නියෝජිතයන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පැවති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වීම මෙයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.