දයාසිරි ජයසේකර ඉවත් කිරීමට එරෙහිව වාරණ නියෝගයක්

දයාසිරි ජයසේකර ඉවත් කිරීමට එරෙහිව වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයෙන් හා එහි මහ ලේකම් ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉවත් කිරීමට එහි සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් ගනු ලැබූ තීරණය වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීමට එරෙහිව දයාසිරි ජයසේකර මහතා විසින් එහි හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සමක නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක දිසා විනිසුරු අරුණ වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

තමන්ව ශ්‍රී නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් සහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂ විධායක කමිටුව විසින් ගනු ලැබූ තීරණයට එරෙහිව දයාසිරි ජයසේකර මහතා විසින් ඉකුත් වසරේ කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබූණා.

එම නඩුව විභාග කළ කොළඹ දිසා අධිකරණය දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂය ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් මුල් අවස්ථාවේදී වාරණ නියෝගය නිකුත් නොකිරීමට තීන්දු කර තිබුණා.

එහෙත් පසුව එම පැමිණිල්ලට අදාලව සිදු කළ දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු එම පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

මෙම අතුරු තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවත් නඩුව විභාගය සඳහා යළි අගෝස්තු මස 02 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියෝග කළා.

මෙහිදී පෙත්සම්කාර දයාසිරි ජයසේකර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියා.

Share This