දරුණු සුළි කුණාටුවෙන් ජැමෙයිකාවේ 7 දෙනෙකු මරුට

දරුණු සුළි කුණාටුවෙන් ජැමෙයිකාවේ 7 දෙනෙකු මරුට

“බෙරිල්” සුළි කුණාටුව හේතුවෙන් ජැමෙයිකාවේ පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබෙනවා.

ගිනිකොණදිග කැරිබියන් හරහා දැඩි විනාශයක් සිදු කිරීමෙන් පසු මාරාන්තික සුළං සහ කුණාටු ඇතිවිය හැකි බවටද අනාවැකිකරුවන් අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ජැමෙයිකාව අවදානම් ස්ථානවල සිටින පිරිස් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

පවතින තත්ත්වයත් සමග දැඩි වැසි සහ ගංවතුර ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇති අතර ඇති විය හැකි ආපදාවන් සඳහා හදිසි ප්‍රතිචාර කණ්ඩායම් සූදානම් කර ඇති බව සඳහන්.

Share This