ග්‍රීසියේ ඇතැම් කර්මාන්ත සඳහා වැඩ සතියක් ප්‍රකාශයට

ග්‍රීසියේ ඇතැම් කර්මාන්ත සඳහා වැඩ සතියක් ප්‍රකාශයට

ග්‍රීසියේ කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා දින 6ක වැඩ සතියක් එරට රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එරට ආර්ථික වර්ධනය ඉහළ නැංවීමේ අරමුණින් යුතුව අදාළ තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව මෙම මාසය ආරම්භයේ සිට බලාත්මක වූ නව නීති මගින් සේවකයින්ට සතියකට පැය 48ක් දක්වා සේවය කිරීමට සිදුවන අතර සේවකයින්
වෙනුවෙන් අතිකාල දීමනා ලෙස අමතරව 40%ක මුදලක් ගෙවීමට ද යෝජනා කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් මෙම වැඩ සතිය ග්‍රීසියේ කර්මාන්ත කිහිපයක් සඳහා පමණක් ක්‍රියාත්මක බව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This