
ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදීනි සුමනා ජයතිලක මහත්මිය දිවිසැරිය නිම කරයි
ප්‍රවීණ හා ජ්‍යේෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදීනි සුමනා ජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඇය 87 වන වියේ පසුවුණා.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ජනප්‍රිය වැඩසටහනක් වූ ‘හඳ මාමා’ වැඩසටහනේ ආරම්භක නිවේදිකාව ලෙස ඇය වඩාත් ප්‍රකට වුණා.
ශ්‍රී ලංකා ගුවන්විලි සංස්ථාවේ නිවේදිකාවක් ලෙස 1963 දී සේවයට බැඳී ඇති සුමනා ජයතිලක මහත්මිය 1997දී ගුවන් විදුලි සේවයෙන් විශ්‍රාම යාමට පෙර එහි ළමා හා කාන්තා අංශයේ අතිරේක අධ්යක්ෂවරියක් ලෙස කටයුතු කළා.
එමෙන්ම රුහුණු සේවය, මහනුවර සේවය යනාදී ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාවන්වල වැඩසටහන් පාලකවරිය ලෙසද සිය සක්‍රීය මාධ්‍ය මෙහෙවර ඉටු කළ විශිෂ්ට චරිතයක් ලෙසද ඇය රසික ජනාදරයට පාත්‍ර වුණා.
1953 මැයි 24 වැනිදා මෙරට සම්මානිත ලේඛකයෙකු වූ කේ. ජයතිලක මහතා සමග විවාහ දිවියට එළඹි සුමනා මහත්මිය දරුවන් සිව් දෙනෙකුගේ මවක වනවා.