
අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජිතයන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අතර හමුවක්
අමෙරිකානු එක්සත් ජනපදයේ භාණ්ඩාගාර නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්රොත් මහතා සහ මෙරට අමෙරිකානු තානාපතිතුමිය ඇතුළු අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජිතයන් පිරිසක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් පැවත්වී තිබෙනවා.
ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී.
පසුගිය දෙවසරතුල මෙරට ලබාගත් ප්‍රගතිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, නව ප්‍රතිපත්තිමය තීරණ, විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හා තෙල් සංස්ථාවේ ශේෂ පත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමෙ මෙන්ම ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වල අභියෝග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්.
මෙහිදී කංචන විජේසේකර මහතා විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වෙනුවෙන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් රොබට් කප්රොත් මහතාට මෙන්ම තානාපතිතුමියට ස්තූතිවන්ත වූ බවයි වාර්තා වන්නේ.